FAST NEWS

24×7 Around the Globe

රට පුරා ඖෂධ බෙදාහැරීමට මධ්‍යම තැපැල් හුවමාරුවේ සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අනුව රජයේ රෝහල්වල සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ බෙදාහැරීමට මධ්‍යම තැපැල් හුවමාරුව භාවිත කිරීම, පුද්ගලික ඔසුසැල් හරහා ඇණවුම් කළ ඖෂධ ගෙන්වාගැනීම, රාජ්‍ය ඔසුසල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් මගින් ඖෂධ ලබාදීම සදහා වැඩපිළිවෙලක් සකස් කර ඇත.

මෙම කරුණු අනාවරණය කෙරුණේ අද(28) පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී  රැස්වූ  ජනාධිපති කාර්යය සාධක බලකායේ රැරැස්වීමේදීය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් සහ යුධ හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.