FAST NEWS

24×7 Around the Globe

මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදාවත් එක්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද අනුයුක්ත කරන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

යුධ හමුදාපති කියා සිටියේ නීතිය ආරක්ෂා කිරීමට පොලිසියට සහය වීම එහි අරමුණ බවයි.

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කර සිටී.

මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති වාහන මුදා නොහරින බවද අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබාදීමක් සිදුනොවන බවද පොලිසිය ප්‍රකාශ කරයි.