එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (02) යළි දිවයිනට පැමිණෙනවා.
අද (02) පස්වරුවේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමට නියමිතයි.
ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ඊට සහභාගි වනු ඇති.
මේ අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව එ්කමතිව ඊයේ (01) සම්මත වුණා.







