FAST NEWS

24×7 Around the Globe

සායනික රෝගීන්ට අවශ්‍ය බෙහෙත් තැපෑල මගින් ලබාදීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන් ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. 

ඇඳිරි නීති කාලය තුළ රජයේ රෝහල්වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය ලබාදීම අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.