FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 4559 ක් පොලිස් භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය 20 වනදා පස්වරු 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඇඳිරි නීතිය උල්ලංඝණ කිරීමට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 4559 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

අද දහවල් 12.00 සිට සවස 6.00 දක්වා පැය 6 ක කාලසීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 342 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුල වාහන 62ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

මීට අමතරව වාහන 1125 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.