FAST NEWS

24×7 Around the Globe

2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) සිට තවත් සති දෙකකින් 2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

පවතින තත්ත්වය සලකා බලා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිලාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

විශ්ව විදයාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ සහ ජනමාධ්‍ය ඔස්සේ ඉදිරි සැලසුම් පිලිබඳව මහජනතාවට දැනුම්දීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.