FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීයෙක් සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුව විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබා දුන් බවයි.

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.