FAST NEWS

24×7 Around the Globe

මුලතිව් මල්ලාවි බස් අනතුරින් 40 ක් තුවාල ලබති.

මුලතිව් මල්ලාවි ප්‍රෙද්ශයේදී පෞද්ගලික බස්රථ දෙකක් ඊයේ (30 දා) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව මල්ලාවි පොලීසිය කියයි.

කිලිනොච්චියේ සිට මල්ලාවි දක්වා ඊයේ රාත්‍රි 8.00 ට පමණ ඇඟලුම් සේවිකාවන් පිරිසක් රැගෙන ගමන්ගත් පෞද්ගලික බස්රථයක් සහ මල්ලාවි සිට කිලිනොච්චිය දක්වා මගීන් රැගත් බස්රථයක් මහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.