FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් සඳහා වෙන්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද , කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත පවසයි. 

මේ සියලු ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

හෝමගම මූලික රෝහල කොවිඩ් 19 සැකකරන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට සූදානම් කර තිබේ. වොයිස් ඔෆ් ඇමෙරිකා ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ සහාය ඇතිව නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇත.

මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රෝහලේ ඇදන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකාය් සූදානම් කර තිබේ.

මීට අමතරව මුල්ලේරියාව රෝහල ද නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර තිබේ