FAST NEWS

24×7 Around the Globe

දඹදිව වන්දනාවේ ගොස් සිටි 396 ක් යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් 396 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට නැවත පැමිණ තිබේ. 

මෙම සියලු පිරිස නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වසා තිබියදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.