FAST NEWS

24×7 Around the Globe

දඹදිව වන්දනාවේ ගිය 200 කට අධික පිරිසක් යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 210 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියහ. 

රාත්‍රී 10.15ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළින් මෙම පිරිද දිවයිනට පැමිණ තිබේ.

සියලු පිරිසම නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙතට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් රැගෙන ගොස් ඇති අතර , කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය මෙලෙස පියවර ගනු ලැබීය.