FAST NEWS

24×7 Around the Globe

හෙට සිට නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට සිට එනම් මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08 ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.  

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දෙන අතර , මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.