FAST NEWS

24×7 Around the Globe

සේයාගේ මරණයට අත්අඩංගුවේ සිටි සැකකරුවො නිදොස් කොට නිදහස් කරති. (update)

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කර තිබේ.

ඒ, අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ DNA සාම්පල ඝාතනයට අදාළව නොගැළපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වීමෙන් පසුව ය.

සැකකරුවන් ඉදිරපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසූවේ, DNA සාක්ෂි නොගැලපෙන්නේ නම් ඔවුන්ට එරෙහිව වෙනත් සාක්ෂිද නොමැති බව ය.

පසුගිය මස 12 වන දා නිවසේ නිදා සිටියදී අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසු ද උදෑසන සොයා ගනු ලැබුවේ, නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරකින් පිහිටි වෙල් යායක තිබියදී ය.

දැරියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ, දැරිය දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇති බව ය.

අද DNA වාර්තා නිකුත් වූ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ, මෙම ඝාතනයේ මුල් සැකකරුවන් ලෙසිනි.

පසුව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර තමන් සේයා සදෙව්මි ඝාතනය කළ බවට පාපොච්චාරණය කළේ ය.

එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

——————————————– (update)

සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඩී.න්.එ පරීක්ෂණයෙන් පළමු සැකකරුවෝ නිදොස්.

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනාගේ DNA සාම්පල අදාළ ඝාතනය සම්බන්ධයෙන් නොගැළපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු මුදා හැරීම සඳහා අද දිනයේදීම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.