FAST NEWS

24×7 Around the Globe

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

ඒ කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහාය.

බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙලෙස සූදානම් කර ඇත.

මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කරයි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.