FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සිකුරාදා දක්වා , නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ සංක්‍රමණ නොවන වීසා සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නව දින ලබාගෙන වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසට තානාපති කාර්යාලය දන්වා සිටියි.

අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවද සඳහන් වේ.