FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේදී පෞද්ගලික අංශයටද එය අදාල වන ලෙස එම නිවාඩුව ගැසට් කරන්නැයි අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. 

කොරෝනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම වෙනුවෙන් රජය විසින් මෙම පියවර ගනු ලැබීය.

එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ මෙම වසංගතයට අදාලව රාජ්‍ය අංශයට යම් නිවාඩුවක් ලැබෙන විට එය වෙළද නිවාඩුවක් ලෙස පෞද්ගලික අංශයේ සියලු දෙනාටද හිමිවිය යුතු බවයි.

මින් ඉදිරියට නිරෝධායන ක්‍රියාවලියට අදාලව රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන විට එය පෞද්ගලික අංශයේ සියලු දෙනාටද අදාල වන පරිදි ගැසට් කිරීමට උපදෙස් දෙන ලෙසයි අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.