FAST NEWS

24×7 Around the Globe

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් 212 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 212 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. 

මෙම රෝගීන් දැනට IDH ඇතුළු කොරෝනා ආසාධිතයන් පරීක්ෂා කිරීමට වෙන් කර ඇති රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මීට අමතරව එංගලන්තයේ සිට අද දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා දියතලාව සහ වවුනියාව මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.