FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණෙන් කලුතරට එන ශ්‍රී ලනිප ජේෂ්ඨයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබා ගනී .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයකු ‌මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සමරසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්‍ රාජපක්ෂ මහතාගෙන් එම පක්ෂ‌යේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කලුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ මහතා නාමයෝජනා අත්සන් තබා තිබේ.