FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන සාර්ක් නායකයින් වීඩියෝ සංවාදයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් කලාපීය රටවල නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක නිරතව සිටියි.

ශ්‍රී ලංකව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට එක්ව සිටියි.

කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා මෙම සංවාදය අද පස්වරුවේ ඇරඹිණ.

එහිදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වීය.