FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට එන ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ හෙට(16) සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමෙන බවද සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම් දෙයි.