FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන වසන් කළොත් වැඩ වරදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය වැලදී එය වසන් කරමින් සිටිය හොත් එම පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානයේ අද (15) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙම කාලය තුළ පවත්වන පුද්ගලික සාද, විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.