FAST NEWS

24×7 Around the Globe

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පැතිරූ 23 ගැන පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරයි.

අද (15) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව පැවසීය.

තවද මුහුණු ආවරණ ගබඩා කරගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.