FAST NEWS

24×7 Around the Globe

කොරෝනාහි  නවතම තත්වය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් නයින්ටීන් මේ වන් විට  ලොවපුරා රටවල් 135කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස්  තිබේ.

මේ හේතුවෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 5,393කි.

 

මෙම වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ 42000 ඉක්මවයි.එසේම සුවය ලැබූ පිරිස 75,925කි.

පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයෙන්  ආරම්භ වූ මෙම වෛරස ව්‍යාප්තිය මේ වනවිට සාර්ථකව පාලනය කර ඇති බව එරට බලධාරීන් පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් ජනහමු තුනක් ඊයේ දින පැවැත් වූ බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.