FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ කොරෝනා වෛරසය අසාදිත ලාංකික කත සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලියේදී නව කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝහල්ගත කර සිටි ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය එය තහවුරු කර ඇති බවයි.