FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6 ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයසිංහ මහත්මිය නියෝගය කළේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුලදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්ෂාෆ් අහමඞ් නැමති ත්‍රස්තවාදියාගේ පියා ඇතුලු සැකකරුවන් 6දෙනෙක් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේය.