FAST NEWS

24×7 Around the Globe

ගිහාන් පිලපිටියගේ පෙත්සම සලකා බැලීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම මැයි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. 

ඒ , තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී තිබෙන උපදෙස් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

මෙම පෙත්සම අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේයි.