FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 

ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 5 % කට වැඩි ප්‍රමාණයකින් පහත වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දර්ශක 5 % ට වඩා පහත වැටුණු පසු ස්වයංක්‍රීයව පරිපථ කඩනයක් ක්‍රියාත්මක වෙයි.