FAST NEWS

24×7 Around the Globe

තවත් 203 ක පිරිසක් නිරෝධායනය වෙත යවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය , දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි තවත් ගුවන් මගීන් 203 දෙනෙකු මඩකලපුව සහ පොළොන්නරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. 

ඒ අනුව, ගතවූ පැය 48 ක කාලය තුල ගුවන් මගින් මෙරටට පැමිණි 1015 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

ඒ පෙරේදා දිනයේදී 224 දෙනෙකු ,ඊයේ දිනයේදී 588 දෙනෙකු සහ අද දිනයේ ගතවූ පැය 06 ක කාලය තුළ 203 දෙනෙකු වශයෙන්.