FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී ඇත.

නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් විය.