FAST NEWS

24×7 Around the Globe

කොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවූ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටියේය. 

අද (11) පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 56 ක් වන මෙම කාන්තාව ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි.

මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.