FAST NEWS

24×7 Around the Globe

ජ’පුර සිසුවාගේ අනතුර සම්බන්ධයෙන් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් සිසුවෙකු අනතුර සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ද කර ඇති බවටයි වාර්තා වේ.

කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන් පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධාන කර තිබූ අතර එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.