FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා විය. 


ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේය.

මැදිවියේ පසුවන මෙම පුද්ගලයා මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති අතර , ඔහු ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වෙයි.