FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට චෝදනා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව , ඉතාලිය හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට මේ වන විට යොමුකිරීමට කටයුතු කර ඇත. 

මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර පාන සඳහා ලෙස රුපියල් 7500 ක මුදලක් අය කිරීමට රජය තීරණය කර තිබෙන බවට එම පිරිස චෝදනා එල්ල කරයි.

නිරෝධායන කටයුතු සිදු කෙරෙන දින 14 ක කාලය තුල දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදීම සඳහා රුපියල් 7500 ක මුදලක් ගෙවිය යුතු බවට සෞඛ්‍ය අංශ දැනුම් දුන් බව අදාල මගීන් පවසයි.

ඊට විරෝධය පළ කරමින් ගුවන් මගීන් කිහිප දෙනෙකු කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී නොසන්සුන්කාරීව හැසිරුණු බවත් වාර්තා වෙයි.

දකුණු කොරියාව හා ඉතාලියේ සිට පැමිණි මගීන් 181 ක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද පෙරවරුවේ යොමු කරනු ලැබීය.

https://www.facebook.com/FastNewsSinhala/videos/285728099077153/