FAST NEWS

24×7 Around the Globe

එජාප අර්බුදය විසදන්න අදත් සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10)  දිනයේදීත්  එකසත් ජාතික පක්‍ෂයේ ජේෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ එම පක්‍ෂය තුළ පැන නැගී ඇති අර්බුදය විසදීම සඳහාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඊයේ (09) දිනයේ දී හිටපු කතානායක කරු ජයසුරිය මහතා මුණගැසී තිබේ.

එහිදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වී ඇත.