FAST NEWS

24×7 Around the Globe

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පළමු වසර සිසුවෙකුගේ හිසට ට්‍රැක්ටර් ටයරයක් පතිත කරවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

එහිදී කිසියම් පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් විනය ක්‍රියාමාර්ග පවත්වා පන්ති තහනම් සහ දඬුවම් දීමට පියවර ගනු ඇත.

කළමණාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර, හිසෙහි අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු ශල්‍ය කර්මයකටද ලක් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 6 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර , එම සාදය අවසානයේ දී මෙම අනතුර සිදුව තිබේ.