FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට යොමු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු අද (10) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිත බව ගුවන්තොටුපල බලධාරීන් පවසයි.

මේ අතර ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට සිදු කෙරේ.

ඒ අනුව එලෙස පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කෙරෙන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.