(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන ආකාරයට පවතින වියළි කාලගුණයහේතුවෙන් ගම්පහ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධාඑල්ල වී ඇත.
එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේසාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවිනිස් සඳහන් කරයි.
ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.
වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් බදුල්ල , මහියංගනය , කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ලබාදීම සම්බන්ධයෙන්ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
වියළි කාලගුණය හේතුවෙන් යම් ප්‍රදේශයක පානීය ජල ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1939 දුරකතන අංකයටදැනුම් දෙන්නැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.








