FAST NEWS

24×7 Around the Globe

කුවේටයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 කට සිදුකෙරෙන සහ පැමිණෙන සියලු ගුවන් ගමන් සතියකට අත්හිටුවීමට කුවේටය තීරණය කර තිබේ.  

කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ඉන්දියාව, ලෙබනනය , සිරියාව , බංග්ලාදේශය , පිලිපීනය සහ ඊජිප්තුවටද මෙම නියමයන් අදාළ වන බවයි.

පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් වනු ඇති.