FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය හිමිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාර්තු 06  සිට එනම් ඊයේ දින සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. 

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.

මේ අතර, රැකියාලාභී උපාධිධාරින්ගේ නාම ලේඛනය මාර්තු 11 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙබ් අඩවියට ඇතුළත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පත්වීම් ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇතිනම් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

ලිපිය ලැබී දින 07 ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළහොත් පත්වීම් ලිපි ප්‍රතික්ෂේප කලා සේ සලකනු ලැබේ ලෙස සඳහන් වුව ද එය බලාත්මක නොවන බව ද රජය දැනුම් දෙයි.