FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් සහ ජෙඩා නගරය දක්වා ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. 

මෙම තීරණය ලබන 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙනු ඇත.

කොරෝනා වෛරස අවධානම හමුවේ සවුදියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පණවා ඇති නියමයන්ට අනුගත වෙමින් මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

කෙසේවෙතත් සවුදි අරාබියේ රියාද් සහ ධමාම් නගර වෙත අඛණ්ඩව ගුවන් වාර සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.