දිවයින තුළ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නිවේදනයට අනුව බස්නාහිර, දකුණු සහ සබරගමුවපළාත් වලවිටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මේ අතර පුත්තලම සිටකොළඹසහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්රදේශවලවිටන් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර සවස 2.00 න් පසු දිවයින වටා බොහෝ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.







