FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අද (06) දිනයේත් රැස්වීමට නියමිතව ඇත. 

මෙහිදී ලාංඡනය සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳා ගන්නා බව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

සමගි ජන බලවේගය සමග සියලු පක්ෂවලට සහ සංවිධානවලට ආරාධනා කර සිටින බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම , එක්සත් ජාතික පක්ෂය ද අපත් සමග සියලු කාරණා වලට එකඟ වූ බව ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.