FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්නගේ ඇප නියෝගයට එරෙහි නඩුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව ඇප මත මුදා හරිම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය ලබන 10 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

ඒ අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.