FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී පුහුණුව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – අළුතින් රාජ්‍ය සේවය සඳහා බඳවා උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවනතෙක් අත්හිටුවීමට මැතිවරණ කොමෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළ ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ, සුදුසුකම් සපුරනු ලැබූ අයදුම්කරුවන් 45,585 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කෙරුණි.

ඔවුන්ගේ පත්වීම් ලිපි සියල්ල මේ වන විට තැපැල්කර අවසන් අතර ඊයේ(05) දිනයේ ඔවුන් තම රාජකාරී ස්තාන් වෙත වාර්තා කර තිබුණි.

නමුත් මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවට පැමැණිලි ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.