FAST NEWS

24×7 Around the Globe

ලිඳුල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කරයි.

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් පිරිසක් හදිසියේ රෝගාතූර වීමෙන් රෝහල්ගත කර තිබේ.

ලිඳුල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ ළමුන් 50 දෙනෙකු පමණ රෝහලට ඇතුළත් කළ බව ය.

ඔවුන් රෝගාතූර වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ද පැවසුවේ, උදෑසන රෝගී වූ සිසුන් පිරිසක් රෝහල්ගත කෙරුණු බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.