FAST NEWS

24×7 Around the Globe

චීන ජනපති බිරිඳගෙන් දේවිබාලිකා විදුහලට ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  චීන ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත්ව සිටින චීනයේ ජනතාව වෙනුවෙන්, මෙම බාලිකා පාසැලේ සිසුවියන් යැවු චිත්‍රයක් සම්බන්ධයෙන් ස්තුතිය පල කරමිනි.

විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය, තනි නොකරන බවට පවසමින් පසුගියදා චිත්‍ර යොමුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ සදහන් කළේ දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස චිත්‍ර යොමුකළ බවයි.

ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ බිරිද සිය ස්තූතිය පළ කරමින් මෙම ලිපිය යොමු කර ඇත.

ඒ වෙනුවෙන් මෙරට චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද එම විද්‍යාලයට පැමිණ තිබේ.