FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් අත්හිටුවන්න – මැතිවරණ කොමිසම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ දිනවල ලබාදෙන උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් මාස දෙකකට අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළව මූලික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු හෙට(05) කොළඹට කැදවා තිබේ.

එහිදී නාමයෝජනා කැදවීම ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.