FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන සතියේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (09) සිට මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන 16 වනදා දක්වා අයදුම්පත් භාර ගැනෙන බව කොමිසම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ එම කාලය කිසිදු අයුරකින් දීර්ඝ නොකරන බවයි.

මිට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ තේරීම්භාර නිළධාරීන් හෙට (05) මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.