FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිනියට එල්ල වු බෝම්බ ප්‍රහාරයට දෛනෙකු වැරදිකරුවන් වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර 1999දී එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ විත්තිකරුවන් දෙදෙනෙකු වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේ ය.

මෙලෙස වරදකරුවන් කෙරුණේ, වේලායුධන් වර්ධාරාජා හෙවත් උදයන් සහ සහ චන්දාඅයියන් රගුපති යන දෙදෙනා ය.

වේලායුධන් වර්ධාරාජාට බරපතළ වැඩ සහිත අවුරුදු 290ක සිර දඬුවමක් ද චන්දා අයියර් රඟුපතිට බරපතළ වැඩ සහිත වසර 300ක සිර දඩුවමක් ද නියම කෙරිණ.

මෙම දඩුවම් දෙකම වසර 30කින් ගෙවී අවසන් වේ.

වසන්ති රගුපති නමැති විත්තිකාරිය චෝදනාවලින් නිදහස් කෙරිණ.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය විසිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරමින් 1999 වසරේ දෙසැම්බර් 18 වන දා කොළඹ නගර සභා පිටියේදී  එම බෝම්බ ප්‍රහාරය එල්ල විය.