(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිය වනවාසල ප්‍රදේශයේ රුපියල් කොටි 10ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 10.3ක් සමඟ පුද්ගලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වනවාසල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.








